ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා ඇත්තේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බවයි.
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතව තිබූ බවයි අද (21) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසා ඇති බව වාර්තා වේ.
ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා විසින් වැඩි දුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ
“මේ අවසන් වූ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම තමයි තියෙන්නේ. ඒ උත්තර පත්‍ර ඇගයීම් ආරම්භ වෙන්න තිබුණේ 22 වනදා. එම ක්‍රීයාවලිය දින නියමක් නොමැතිව කල්දමලා තියෙනවා. උත්තර පත්‍ර ඇගයීම් ක්‍රීයාවලිය කල්යනවා කියන්නේ ඉදිරි විභාගවලට ඒවා බරපතළ ලෙස බලපානවා. උදාහරණයක් ලෙස අපි ගත්තොත් ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගය තමයි මේ අවුරුද්දේ තිබුණේ. කොරෝනා ව්‍යාප්තිය නිසා විභාග කල් ගියා, ඉන්ධන අර්බුදය නිසා විභාග කල් ගියා. දිගටම විභාග කල්යාමක් තමයි තියෙන්නේ. එතකොට මේ තිබ්බේ 2022 වසරට අදාළ විභාගය ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගය තියෙනවා, උසස් පෙළ විභාගය තියෙනවා, ශිෂ්‍යත්ව විභාගය එනවා. මෙතනදී ඇගයීම් ක්‍රීයාවලිය කල් ගියාම සමස්ත විභාග පද්ධතියටම මේක බලපානවා. මොකද ඇගයීම විතරක් නෙමෙයි කරන්න තියෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණත් තියෙනවා. මේ කල් යාමේ හේතුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මොකුත් කතා කරන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම වෙලා තියෙන දේ තමයි ඇගයීම් ක්‍රියාවලිය අවශ්‍ය පිරිසෙන් ප්‍රමාණවත් පිරිසක් අයදුම්කරලා නැහැ ගුරුවරු. අයදුම් කරලා නැත්තේ මේ ඇගයීම් ක්‍රියාවලියට දෙන මුදල ප්‍රමාණවත් නැහැ.” බවයි.