කළුතර උතුර ප්‍රදේශයේ එක් දරු කාන්තාවකට පහර දුන් පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
සැකකරු මෙවර පලාත්පාලන මැතිවරණයේදී ජා.ජ.වේ. නියෝජනය කරණ කරමින් නාම යෝජනා භාර දුන් අයකු බවයි වාර්තාවන්නේ.
පැමිණිල්ල හා විත්තිය යන දෙදෙනාම අසල්වාසීන් වනබවත් පෙර සිට පැවත ආරවුලක් හේතුකොට ගෙන ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාම පහරදීමට මුල්ව ඇති බව සදහන්වේ.
සිදුවීම සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පොලීසිය විසින් සිදු කරණ අතර සැක කරු කළුතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු බවයි වාර්තාවන්නේ.
