ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ගොඩනැගුණු “එක රටක් එක නීතියක්” යන ප්‍රතිපත්ති පෙරදැරි කරගනිමින් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය උතුරු පළාතේ ජනතාවගේ ගැටලු සොයා බැලීම සඳහා තීරණය කර ඇත.
ඒ අනුව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කළේ උතුරු පළාතේ ජනතාවගේ ගැටලු පිළිබඳ අධ්‍යයනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ඊයේ (20) සිට ක්‍රියාත්මක බවයි.
ඔවුන් සමග පවතින ගැටලු පිළිබඳ සොයාබලා දැන ඒවා සඳහා අවශ්‍ය පියවර ගැනීමට යෝජනා ජනාධිපති තුමන් වෙත ඉදිරිපත් කිරීමටත් පියවර ගන්නා බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ.
එමෙන්ම ඊයේ (20) දිනයේ දී වව්නියා දිස්ත්‍රික්කයේ ජනතාව හමුව ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලූ බව ද උන්වහන්සේ මෙහි දී සඳහන් කර ඇත.
