එන්නත් කාඩ්පත පොදු ස්ථානයන්ට රැගෙන යාම නීතියක් වෙන්නේ නැහැ…- රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි (වීඩියෝ සහිතයි)

කොවිඩ් එන්නත් මාත්‍රා දෙක ලබා නොගත් පුද්ගලයින්ට පොදු ස්ථානයන් වෙත ඇතුළුවීම වාරණය කරමින් නීතිමය තත්ත්වයක් ගෙන එන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් කර ඇති අතර එය නීතිපතිවරයා වෙතද ඉදිරිපත් කර ඇත.

මේ පිළිබදව අදහස් දක්වමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය  සිසිර ජයකොඩි මහතා සදහන් කළේ නීතිපති තුමන්ට නීතිමය කරුණු පිළිබද පැහැදිලි කිරීමේ හැකියාව තිබුණ ද එය අපේ රටේ නීතියක් ලෙස සැලකිය නොහැකි බවයි.

එමෙන් ම මේ සදහා විවිධ වෛද්‍ය ක්‍රම රාශියක් පවතින අවස්ථාවක ,මෙම එන්නත්කරණය තුළින් විවිධ අසාත්මිකතා බහුල වශයෙන් වාර්තා වූ රටක් තුළ, රෝගියාගේ කැමැත්තකින් පමණක් අදාළ එන්නත් ලබාදිය යුතු යන්න වෛද්‍යවරුන්ද පිළිගෙන ඇති අවස්ථාවක මෙලෙස එන්නත් කාඩ්පතක් පොදු ස්ථාන සදහා ඇතුළු වීමට නීතිමය වාරණ නිකුත් කිරීම සිදු නොවිය යුත්තක් බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

Exit mobile version