රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ එළඹෙන සඳුදා දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 05ක රෝහල් තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඊට හේතු වී ඇත්තේ ස්ථාන මාරුවීම් කිහිපයක් පිළිබඳ ගැටලුවක් බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
ඊට අදාළ මධ්‍යම කාරක සභාවක් ද අද (17) පැවැත්වීමට නියමිතව ඇති බවයි එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
එමෙන් ම අදාළ ගැටලුව පිළිබඳව දැනුවත් කරමින් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යශය වෙත ලිපියක් ද ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් එහි දී සඳහන් කර ඇත.
ඒ අනුව අදාළ ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මන්නාරම, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක මූලික කරගිනිමින් පැවැත්වෙන බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.
