ඔක්තොම්බර් 14 වැනිදා විශේෂ සිදුවීමක්.

ඔක්තෝබර් මාසය තුළ වළයාකාර සූර්යග්‍රහණයක් සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව මහාචාර්යවරයා සදහන් කළේ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවන නමුත් චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනු ඇති බවයි.

ඔක්තෝබර් 14 වැනිදා සිදුවන වළයාකාර සූර්යග්‍රහණය ඇමෙරිකාව, මෙක්සිකෝව, කොළොම්බියාව සහ බ්‍රසීලය යන රටවලට දිස්වනු ඇති බව වාර්තා වේ .

ඉන් දින 14කට පසුව එනම් මේ මස 28 වැනිදා රාත්‍රී 11.32ට අර්ධ චන්ද්‍රග්‍රහණය සිදුවන අතර එය 29 වැනිදා අලුයම 1.05 සිට අලුයම 2.23 දක්වා ශ්‍රී ලංකාවට දිස්වන බව මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version