ඔක්සිජන් මත රෝහලේ යැපෙන කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක්

මේ වන විට රෝහල් තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සුළු වැඩි වීමක් යළි දක්නට ලැබෙන බව වාර්තා වේ.

පසුගිය සතිය තුළ දී 10%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රෝහල්වල සමස්ත ඇඳන් ධාරිතාවයෙන් මේ වන විට 48%ක් පමණ රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි.

ඒ අනුව ඔමික්‍රොන් සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ පුද්ගලයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නා බව ද ඔහු මෙහි දී සඳහන් කර ඇත.

එමෙන්ම එම රෝගීන්ගෙන් දැඩි සත්කාර ඒකකයේ 64 දෙනෙකුත් තවත් පුද්ගලයින් 106 දෙනෙකු ඔක්සිජන් මත යැපෙන බවත් වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කරයි.

Exit mobile version