ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තා වීමේ ඉහළ යාමක්

තවත් මෙරටින් ඔමික්‍රොන් ආසාදිතයින් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 06 දෙනෙකු හමු වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කරයි.

මෙම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ සාම්පල 88ක් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ අනුවය.

මේ බව සඳහන් වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තා විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය විසින් නිකුත් කරන ලද නවතම SARS-CoV-2 වෛරස් ප්‍රභේද වාර්තාවේ ය.

ජනවාරි මස සිව්වන සතියේ සිට ලබාගන්නා ලද නියැදිවලින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇති අතර මෙම ආසාදිතයින් BA.1 සහ BA.2 යන ඔමික්‍රොන් වෛරසයේ අනු ප්‍රභේදයන් මිශ්‍රව ය.

Exit mobile version