ඔරුවක් පෙරළී සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට .

මඩලකලපුව නාවල්අඩි කළපුවේ දී සිසුන් හයදෙනෙක් ගමන්ගත් ඔරුවක් පෙරළී අනතුරක් සිදුව ඇති අතර ඉන් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

අද (08) දහවල් 12ට පමණ මඩකලපුව සීලාමුනේ ප්‍රදේශයේ සිට නාවල්අඩි ප්‍රදේශයට මෙම සිසුන් පැමිණ තිබූ අතර පසුව ඔවුන් හයදෙනා නැවත සීලාමුනේ බලා පිටත්වීමට ගොඩට පැමිණෙමින් තිබිය දී ඔරුව පෙරළී එයට යටවී තිබේ.

එහිදී ඔරුවේ ගමන්ගත් සිසුන් අතරින් දෙදෙනෙකු දියේ ගිලී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිසුන් ටික්ටොක් වීඩියෝවක් සැකසීම සඳහා මෙලෙස ඔරුවකින් ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මඩකලපුව ශිලාමනන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 18 සිසුන් දෙදෙනෙකි.

Exit mobile version