- කොටස නොලැබුණු රාලහාමි පතල් හිමි කරුට පරුෂ වචනයෙන් බැනවදිමින් පොලිසියේදීම පහර දීලා.
- අයියා මරපු විදිහට මරණ බවට තර්ජනය කරලා.
ඊයේ (13) රාත්‍රියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඕපනායක පොලීසියට ගිය පුද්ගලයකුහට ‘කබරයා’ නැමති පොලිස් නිලධාරියා හා තවත් දෙදෙනකු විසින් පරුෂ වචනයෙන් බැනවදිමින් අමානුෂික ලෙස පහර දෙන දර්ශන සහිත වීඩියෝවක් සමාජ මාද්‍ය ඔස්සේ සංසරණය විය.
මෙසේ අමානුෂික ලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හුනුවල ඕපනායක පදිංචි සම්පත් අසංක බණ්ඩාර නැමති පතල් කර්මාන්තයේ නියැලෙන පුද්ගලයකු වන අතර ඔහු පොලීසිය වෙත පැමිණෙන්නේ ඔහුට සිදුකල තර්ජනයක් පිලිබදව පැමිනිල්ලක් දැමීමටයි.
එම අවස්ථාවේ පැමිණිල්ල ලියා ගන්නවා වෙනුවට ඔහු හට ඉතා අමානුෂික ලෙස පහරදෙන ආකාරයක් මෙම වීඩියෝවේ දක්නට ලැබේ.
මෙම පුද්ගලයාට පහර දීම හේතුව පිලිබදව සොයාබැලීමේදී දැනගන්නට ලැබුනේ මෙම පහරකෑමට ලක්වූ සම්පත් අසංක බණ්ඩාර නැමති පුද්ගලයා මැණික් පතල් කර්මාන්තයේ යෙදෙන බවත් එම පතලකින් හමු වී ඇති මැණික් ගලකින් ලද මුදලින් කොටසක් මෙසේ පහරදුන් පොලිස් නිලධාරියා ඇතුළු කණ්ඩායමට නොදීම මෙම පහර දීමට හේතුවූ බවයි.
තවදුරටත් සොයා බැලීමේදී අපට දැනගන්නට හැකි වුයේ මෙම සම්පත් අසංක බණ්ඩාර නැමති පුද්ගලයා ඕපනායක පොලිසියේ ස්ථානාධිපතිවරයා හට එම මැණික් ගලෙන් ලද මුදලින් රුපියල් ලක්ෂ 5ක් ලබාදී ඇති බවත් ස්ථානාධිපතිවරයා විසින් එම මුදල මෙම පහර දුන් පොලිස් නිලධාරීන් හට ලබා නොදීම හේතු කොට ගෙන පහර දීම සිදු කර ඇති බවයි.
තවද මෙම පොලිස් නිලධාරියා විසින් මෙම පුද්ගලයා මරා දමන බව පොලිසියේ අනෙකුත් පොලිස් නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශ කරණ අකාරය මෙම වීඩියෝවේ දැක්වේ.
අප මේ පිලිබදව රත්නපුර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසීමක් කල අතර ඔහු ප්‍රකාශ කලේ පහර දුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙට දිනයේදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එසේම එම පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරණ බව හා පහර දීමට සම්බන්ධ අනෙක් පොලිස් නිලධාරීන් සොයා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද ඔහු ප්‍රකාශ කරන ලදී.
