ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනය අවසන්.

රජයේ ඖෂධවේදීන් ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය අද පෙරවරු 8ට අවසන් කළ බවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහි සභාපති තුෂාර රණදේව මහතා ප්‍රකාශ කර ඇත්තේ බලධාරීන් තම ගැටලුවට විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක නිරත වන බවයි.

ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිව පැවති මෙම වර්ජනය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු සදහා බාධා එල්ල වූ බව සදහන්.

Exit mobile version