ඖෂධවේදීන් සංකේත වැඩ වර්ජනයක.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා දිවයින පුරා රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු මාරු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවට එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා සදහන් කර තිබේ.

මේ හේතුවෙන් රජයේ රෝහල් තුළ ඖෂධ නිකුත් කිරීමේ කටයුතු වලට බාධා ඇතිවිය හැකි බව සදහන්.

Exit mobile version