ඖෂධ මිලත් ඉහළ යයි!

නුදුරේදීම ඖෂධ මිල ඉහළ දැමීමට සිදු වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

ඩොලරය පා කිරීමත් සමඟ ඖෂධවල මිල වැඩිවීමක් සිදු වන බවත් එය මේ සතිය හෝ ලබන සතිය වන විට දැනුම් දීමට හැකි වනු ඇති බවයි එම අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ, ඩොලරයේ සිදු වූ වෙනස සමඟින් එයට සමානුපාතිකව ඖෂධ මිලෙහි වෙනසක් කිරීමට සිදු වන බවයි.

කෙසේ වුවත් මේ වනවිටත් සමහර ඖෂධවල මිල ඉහල ගොස් තිබෙන අතර ඖෂධ වල යම් හිගයක්ද දක්නට තිබේ.

Exit mobile version