විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අදාළ පැමිණිල්ල තුළින් ඔහු ඉල්ලීම් කර ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසටයි.
විශේෂයෙන් විවිධ පුද්ගලයින් විසින් ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය, ටෙන්ඩර් ඇගයීම ,ඇණවුම් නිසි පරිදි නොකිරීම, සැපයුම්කරුවන් තෝරාගැනීමේ ක්‍රමවේදය ,ගෙවීම් ප්‍රමාදය ආදී කරුණු සම්බන්ධයෙන් කරන ලද චෝදනා පිළිබඳව සොයාබලන ලෙස ද අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලීම් කර ඇත.
















































