දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද (30) පැවති පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ කංසා අපනයනය සඳහා අවශ්‍ය නීති මැතිසබයට නුදුරේදී ම ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
එලෙස අනුමැතිය ලබා ගන්නේ අපනයනයට පමණක් බව ද ඔහු සඳහන් කර ඇත.
එමෙන් ම සාම්ප්‍රදායික ඖෂධ නීතිගත කරන බවත් කංසා මගින් පිළිකා සුව කිරීමේ හැකියාව පවතින බවට හෙළි වී ඇති බවත් ඔහු මෙහි දී ප්‍රකාශ කර ඇත.
මේ ඔස්සේ දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරට නිපදවීම සඳහා කටයුතු කරන බවත් දේශීය වෛද්‍ය ක්‍රමය හරහා විදේශ විනිමය ලබා ගැනීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
