කට්ටකාලා හොද්ද බීලා පිටරට හම්බකරපු සල්ලි අපි නිකන් පුදන්න ඕනිද?විදෙස් ශ්‍රමිකයන්ගේ හෙළිදරව්වක්. (වීඩියෝ)

මේ වන විට ඩොලර් සංචිත අතින් බිංඳුවටම හිඳී ගොස් ඇති ශ්‍රී ලංකාවට විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් ද අහිමිව යමින් පවතින බව පියවරෙනන් පියවර දක්නට ලැබේ.

මේ පිළිබඳව සත්‍ය හෙළිදරව්වක් සිදු කිරීම සදහා අමෙරිකා‌වේ ඉන්ධන පිරවුම්හල් ව්‍යාපාරයක යෙදී සිටි මේ වන විට විශ්‍රාම ගෙන සිටින කපිල සේනාරත්න මහතා සමග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සිදු කරන ලද  සාකච්ඡාවක් මෙසේ සිදුව ඇත.

එහි දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ලද කරුණ වන්නේ විදෙස්ගත සිංහල ඩයස්පෝරාව ද අද වන විට ශ්‍රී ලංකාවට මුදල් එවීම නවතා දැමීඹට හේතුව කුමක් ද යන්නයි.එහි දී එම මහතා පෙන්වා දෙන්නේ සමස්තයක් වශයෙන් විදෙස්ගත ශ්‍රමිකයන් බහුතරය මෙසේ මුදල් සම්ප්‍රේෂනය කිරීම නවතා දැමීමට කටයුතු කර ඇත්තේ ඔවුන් දුක් විඳ උපයා ගන්නා මුදල්වලට නිසි වටිනාකමක් නොලැබීමයි.

විශේෂයෙන් විදේස් රටවලට වී ඇතැම් විට නොකා නොබී හරි හම්බ කර තැන්පත් කරන මුදල් යළිත් ඔවුන්ගේ අවශ්‍යතාවයකට ලබා ගැනීමට නොහැකි වීම මීට ප්‍රධාන හේතු වී ඇති බවයි.

ඔවුන් මෙරටට පැමිණ ව්‍යාපාරයක් සිදු කිරීමට උත්සහ කළ ද මෙරට තුළ සෑම ව්‍යාපාර ක්ෂේත්‍රයක් තුළම පවතින මාෆියාවන් නිසාවෙන් ඔවුන්ට එය සිදු කිරීමට නොහැකිව ඇත.

විශේෂයෙන් පාලකයන් වශයෙන් ඩොලර් පාලනය කරමින් තීරණ ගනිමින් කටයුතු කරන පුද්ගලයින් එක් අයෙකු හෝ මෙරටට එක ඩොලරයක් හෝ උපයා දීමට කටයුතු කළ අය නොවන බවත් ඔවුන් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දාඩිය මහන්සිය සූරා කෑමට පමණක් බලා ඉන්නා පිරිසක් බවත් මෙම කපිල් සේනාරත්න මහතාගේ ප්‍රකාශයන්ගෙන් අපටට වැටහෙනු ඇත.

ශ්‍රී ලංකාවේ තම පවුලේ උදවිය පවා දමා නන්නාදුනන විදෙස් රටකට ගොස් ඇතැම් විට ජීවිතය පවා ගැන නොසිතා අපමණ දුක් විඳලා හමුබ කරගන්නා මුදලත් මේ රටේ සිටින ධනයට කෑදර බලකාමී පාලකයන් විසින් ඔවුන්ගේ සුඛවිහරණය සඳහා යොදාගනිමින් සැපවත් ජීවිත ගත කරන අයුරු දැක දැක ඔවුන් මෙරටට ඔවුන් උපයන ධනය තවදුරටත් එවීම නතර කිරීම පුදුමයට කරුණක් නොවනු ඇත.

කෙසේ නමුත් ඔවුන්ගේ එසේ තවදුරටත් ඩොලර් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් මීට අදාළ බලධාරීන් දැන් හෝ නිසි වැඩපිළිවෙළක් ඔස්සේ රට වෙනුවෙන් විදෙස්ගතව දුක් විඳින මේ ජනතාව වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කළ යුතු කාලය පැමිණ ඇත.

Exit mobile version