කටාන ප්‍රදේශයේ ඊයේ (6) දින මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් නිලධාරියෙකු හට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් පහර දී ඇති බව වාර්තා වේ.
ජාවාරම්කරුගෙන් පහර කෑ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් හයක් හා ජීව අත්බෝම්බ දෙකක් පොලිසිය සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කර තිබේ.
