රත්තරන් ජාවාරමක යෙදී සිටි පුද්ගලයින් පස් දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ මුම්බායි නගරය වෙත යාමට සූදානම්ව සිටියදී ඔවුන්ගේ බෑග්වල සූක්ෂම ලෙස සගවා තිබූ මිලියන 160කට ආසන්න වටිනාකමකින් යුතු රත්තරන් තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ රැදී සිටි ඉන්දියානු ජාතිකයෙකුද පරීක්ෂණ කටයුතු සදහා අත්අඩංගුවට ගත් බව කියයි.
සැකකරුවන් සන්තකයේ තිබී රන් කැබලි , රන් ආභරණ , ජෙල් ස්වරූපයෙන් තිබූ රත්තරන් කිලෝ 10.5 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වාර්තා කරයි.මෙහි වටිනාකම රුපියල් මිලියන 160කට ආසන්න බවත් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන බවත් වාර්තා වේ.
