ව්‍යාජ නමකින් පෙනී සිටිමින් දරුණු අපරාධකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී විදෙස් ගත වීමට තැත් කළ අවස්ථාවේ ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර සැකකරු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා විසින් ප්‍රකාශ කරන ලදී .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොලේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා මීගමුව කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (25) අත්අඩංගුවට ගත් අතර මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට නිලධාරීන් අතර සිටි සැරයන්වරයා බන්ධනාගාර ගත කර තිබෙන අතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය වැඩි දුරටත් නියෝග කර සිටියේ අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙසයි.
