කතරගම පාසල් වසයි.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් විශේෂ රාජකාරි සදහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරින්ට නවාතැන් ලබා දීම සදහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ.

ඒ අනුව කතරගම ජාතික පාසල ,සෙල්ල කතරගම මහා විදුහල හා දෙටගමුව විදුහල පොලිසිය වෙත භාරදීමට නියමිත බව සදහන්.

මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version