කඳුළු ගෑස් ප්‍රහාරයට මැදිවූ ඉන්දීය මාධ්‍යවේදිනියට මහජනතාව උපකාර කරයි

මල් පාරේ අගමැති කාර්යාලය අසළ වාර්තා කටයුතුවල නිරත වූ ඉන්දියාවේ NDTV නාලිකාවේ මාධ්‍යවේදිනියක්ද කඳුළු ගෑස් ප්‍රහාරයට මැදි වී තිබේ.

එම ස්ථානයට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයත් සමඟ NDTV නාලිකාවේ වාර්තාකරණ කටයුතු කළ මාධ්‍යවේදීන්ද අපහසුතාවට පත්ව තිබුණා.

කෙසේ නමුත් පසුව එම ස්ථානයේ සිටි අරගලයේ නිරත මහජනතාව එකතුවී අදාළ මාධ්‍යවේදිනිය ඇතුළු පිරිසට උපකාර කර ඇති අතර ඒ අනුව ඔවුන් විසින් මාධ්‍යවේදිනිය ආරක්ෂිත ස්ථානයකට රැගෙනගොස් තිබේ.

පසුව අවශ්‍ය ජලය හා හුස්ම ගැනීමට එම ස්ථානයේ සිටි මහජනතාව එක්වී ඇයට උදව් කළ බව NDTV නාලිකාව වාර්තාකර තිබුණි.

Exit mobile version