දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී එක් පුද්ගලයකු කපා කොටා ඝාතනය කල පුවතක් ඊයේ (13)වාරියපොළ වෙලව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මිය ගිය පුද්ගලයා සමරු රුවන් පතිරණ නොහොත් ‘ඇටිකුබ්බා’ නැමති 33 හැවිරිදි අයකු බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බවයි සැලකෙන්නේ.
ගැටුමේදී මිය ගිය පුද්ගලයාගේ සොයුරා හා සොයුරිය හා තවත් පුද්ගලයකු ගැටුමේදී තුවාල සිදුව රෝහල් ගත කර තිබේ.
ඝාතනයට හා ගැටුමට සම්බන්දව සැකපිට පස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුන් නිදහස් කරණ ලෙස ප්‍රදේශවාසීන් විරෝදතාවයක නිරත වීම විශේෂත්වයකි.
