කමල්ගෙන් රාවණාටත් නඩු!. චමුදිතත් ඒ අතර.

සිය කීර්ති නාමයට සහ ප්‍රතිරූපයට හානියක් වු බව ප්‍රකාශ කරමින් රාවණා ලංකා වෙබ් අඩවියේ හිමිකරුට, චමුදිත සමරවික්‍රම ඇතුලු තවත් එක් අයෙකුට නඩු පැවරීමට කටයුතු කර තිබෙන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසා තිබෙන බව වාර්තා වෙි. ඔවුන්ගෙන් මිලියන 500 බැගින් වන්දි ඉල්ලීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තා කර තිබේ.

‘truth with Chamuditha’ යූ ටියුබ් නාලිකාව හරහා ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක කර ගනිමින් විවිධ අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අසේල ධර්මසිරි නැමැත්තාට එරෙහිව සහ ඔහුගේ ෆේස්බුක් ගිණුම් රැසක් මෙන්ම යූ ටියුබ් හිමිකරු වන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිවද විවිධ අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් තමන් යුක්තිය පසිඳලීමට අදහස් කරන බව ජෙනරාල් ගුණරත්න පවසා තිබේ.

කෙසේ නමුත් අප වෙබ් අඩවියේ හිමිකරු විසින් ජෙනරාල් කමල් ගුණරත්නට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරා තිබෙන අතර ශ්‍රී ලංකා මානව හිමිකමි කොමිෂමටද පැමිණිලි කර තිබේ. එසේම එළඹෙන ජිනීවා මානව හිමිකම් සැසියේදී ද ජෙනරාල් ගුණරත්නට එරෙහිව කරුණු දැක්වීමටද අවශ්‍ය කටයුතු සකසා තිබේ. ඒ නීති විරෝදී ලෙස බලපෑමි කරන ලද ලිපියක් හේතුවෙනි.

තවද ජෙනරාල් ගුණරත්නට එරෙහිව පළකර තිබෙන පුවත් සියල්ලම පළකර තිබෙන්නේ නීතියට අනුව වන අතර නීතියට අනුව එම පුවත් වලට පිළිතුරු දීමටද ඔහුට අවස්ථා ගණනාවක්ම ඉඩ සලසා දී තිබේ. නමුත් ඔහු ඒවාට පිළිතුරු ලබා දී නැත. නීතියට අනුව ඔහු ඒවාට පිළිතුරු ලබා දුන්නේ නම් එම සියලුම චෝදනාවලින් නිදහස් වීමටත්, ඒ හා සමානම ප්‍රසිද්ධියක් එම පුවත්වලට ලබා දීමටත් අවශ්‍ය කටයුතු අප විසින් සිදු කරන බව එම සියලුම පුවත්වල යටින් සදහන් කර තිබේ. පසු ගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදීද අදාල පුවත්වලට පිළිතුරු ලබා දෙන ලෙස අප ආයතනයේ හිමිකරු ප්‍රසිද්ධියේ ඉල්ලා සිටින ලදි.

කෙසේ නමුත් නඩු පැවරීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇති අතර ඔහු නඩු පැවරෑ පසු එම අධිකරණයට ගොස් පිළිතුරු දීමට සහ නඩුව පවත්වාගෙන යාමට අනෙකුත් පාර්ශ්වයටද සිදු වේ. ඒ අනුව අප ආයතනයද මෙි වන විටත් අදාල නඩුවට සුදානමි වී සිටී.

අප ආයතන හිමිකරු පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුව අසලදී කල දැනුමි දීම

Exit mobile version