ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ දී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පිළිබඳ පිටු 100 කින් යුත් ලේඛනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) 2019 දී පැවසූවේ ඔහුට යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා කිරීමට තමන් සතුව ප්‍රබල සාක්ෂි ඇති බවයි. ශ්‍රී ලංකා නායකයා (ගෝරා) ඔහුගේ සොහොයුරාගේ (මරා) ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්ව සිටිමින්, ඇස්තමේන්තු ගත සිවිල් වැසියන් 70,000ක් මරා දමමින් දෙමළ කැරලිකරුවන්ට එරෙහිව ලේ වැකි යුද්ධයක් දියත් කළ 2009 දී, චෝදනා කරන අපරාධවලින් බොහොමයක් සිදු කර ඇත.
ගුණරත්න වාර්තාව පළ වන්නේ 2019 වසර මුල දී රටේ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පිළිබඳ ලියවිල්ලක් ITJP විසින් නිකුත් කිරීමෙන් පසුවය. දකුණු අප්‍රිකාව පදනම් කර ගත් ITJP සංවිධානය විසින්, බරපතල මානව හිමිකම් කඩකිරීම් සිදු කළ බව කියන ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ලිපි ලේඛන කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත.
“[හිටපු] හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව තිබූ ආකාරයටම කමල් ගුණරත්නට එරෙහිව ද බැලූ බැල්මටම පෙනෙන නඩුවක් තිබේ,” යයි ITJP විධායක අධ්‍යක්ෂ යස්මින් සූකා පැවසුවාය. “ශ්‍රී ලංකාව හිතාමතාම හා ඕනෑකමෙන්ම චෝදනා ලද යුද අපරාධකරුවන් රජයේ බලතලවලට පත් කිරීමෙන් දණ්ඩමුක්තිය ප්‍රවර්ධනය කරයි.”
ගුණරත්න සහ සිල්වා යන දෙදෙනාම ගෝටාබය රාජපක්ෂ යටතේ ගජබා රෙජිමේන්තුවේ සේවය කර ඇත.
53 සේනාංකාධිපති ලෙස ගුණරත්න 2009 පෙබරවාරි මාසයේ දී දකුණු පෙරමුණේ සිට පුදුකුඩිඉරිප්පුවට කළ ප්‍රහාරය මෙහෙය වූ බවත්, රාජපක්ෂ II වෙතින් සෘජුවම නියෝග ලබා ගත් බවත් ඔහුගේ ස්වයං චරිතාපදානය වන “රෝඩ් ටු නන්දිකඩාල්” සඳහන් කරයි.
සිවිල් රෝහල්, තාවකාලික රෝහල් හා ආහාර බෙදා හැරීමේ ස්ථානවලට නැවත නැවතත් ප්‍රහාර එල්ල කරමින්, දස දහස් ගනනක් සිවිල් වැසියන්ට හානි සහ සිවිල් දේපල විනාශ කරමින් කමල් ගුණරත්නගේ හමුදාව පුදුකුඩිඉරිප්පු, පුදුමාතලන් සහ මුල්ලිවයික්කාල් ප්‍රහාරවලට සහභාගි විය.
මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් 53 වන සේනාංකයේ සාමාජිකයින් ද යුධ සමයේ දී හෝ ඉන් පසුව වධ හිංසා හා ස්ත්‍රී දූෂණවලට සම්බන්ධ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් චෝදනා කරනු ලැබේ.
සුප්‍රසිද්ධ රූපවාහිනී නිවේදිකාවක් වන ඉසයිප්‍රියා ඝාතනය ශ්‍රී ලංකා හමුදාව විසින් ගුණරත්නගේ 53 වැනි සේනාංකයට බැර කර ඇත.
ඇය ශ්‍රී ලංකා හමුදාවට පණපිටින් යටත් වන අයුරු රූ ගත කෙරිණ; එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරන ලද ඇගේ මළ සිරුරේ ඡායාරූප පිළිබඳ අධිකරණ වෛද්‍ය විශ්ලේෂණයෙන් පෙනී යන්නේ ඇය අත්අඩංගුවට ගෙන ඝාතනය කර ඇගේ සිරුර අපවිත්‍ර කර ඇති බවයි.
එවැනි උල්ලංඝන වැළැක්වීමට හෝ වගකිවයුත්තන්ට දඬුවම් කිරීමට අවශ්‍ය සියලු සහ සාධාරණ ක්‍රියාමාර්ග ගැනීමට ගුණරත්න උත්සාහ කළ බවට කිසිදු ඉඟියක් ITJP සොයා ගෙන නැත.
2009 යුද්ධයෙන් ඉක්බිතිව ලක්ෂ සංඛ්‍යාත ද්‍රවිඩ සිවිල් වැසියන් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වූ මැණික් ෆාම් ගොවි පොළේ අණදෙන නිලධාරියා වූයේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්නය.
ITJP පවසන්නේ මැණික් ෆාම් ගොවි පොළේ ස්ත්‍රී දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ ළමුන් ඇතුළු තවත් සාක්ෂි එකතු කර ඇති බවයි.
” මැණික් ෆාම් ගොවි පොළ තුළ ලිංගික වහල්භාවය පුළුල්ව ව්‍යාප්තව ක්‍රමානුකූලව පැවති බව එකතු කරන ලද සාක්ෂිවලින් පෙනී යයි”.
“ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පත් කිරීම මගින්, වින්දිතයින්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි සංඥාවක් නිකුත් කරමින් කියා සිටින්නේ, අළුතින් තේරී පත් වූ ශ්‍රී ලංකාවේ රජයට යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම් පිළිබඳ වගකිවයුත්තන් විමර්ශනය කිරීමෙන් සහ නඩු පැවරීමෙන් තම දේශීය හා ජාත්‍යන්තර වගකීම් සාක්ෂාත් කර ගැනීමේ අදහසක් නොමැති බවයි,” යනුවෙන් වාර්තාව අවසානයේ සඳහන් වේ.
“යුද අපරාධකරුවන් යැයි චෝදනා ලැබූවන් රාජ්‍ය තනතුරුවලට පත් කිරීමෙන් දණ්ඩමුක්තිය හිතාමතාම සහ ඕනෑකමින්ම ප්‍රවර්ධනය කරන” ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර බලවතුන්ට මුහුණ දීමට සිදු වන “ප්‍රධාන ආචාර ධර්ම උභතෝකෝටිකයක්” පිළිබඳව ද ITJP අනතුරු අඟවයි,
“මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ආරක්‍ෂක ලේකම්වරයා ලෙස පත් කිරීම ජාත්‍යන්තර නීතියට සහ මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුගත වීමට අදහස් කරන රටවලට විශාල සදාචාරාත්මක උභතෝකෝටිකයක් මතු කරයි,” යනුවෙන් යස්මින් සූකා පැවසුවාය.
“අළුතින් තේරී පත් වූ ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයා විසින් කරන ලද පත්වීම් දෙස බලන විට, ජනාධිපතිකාරයා සහ ඔහුගේ නව පාලනයේ සමහර සාමාජිකයින් ඒකාබද්ධ පාතාල අපරාධ ව්‍යාපාරයක් ලෙස සැලකිය හැක.”
“යම් දිනක ඔවුන්ගේ මුක්තිය අවසන් වේ; එදින ඔවුන් සියල්ලන්ම නඩු විභාගයකට මුහුණ දිය යුතු වේ.”
ලංකා ඊ news වෙතින් උපුටා ගන්නා ලදී. පුවතේ සම්පූර්ණ අයිතිය ඔවුන් සතුය.
(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.21, ප.ව.4.30)
