කල් ඉකුත් වූ සිසිල් බීම බෝතල් වල දිනය සකසා නව දිනයන් යටතේ වෙළෙදපොළට නිකුත් කර තිබූ සිසිල් පැන් බෝතල් 1800 ක් යාපනයේ මහජන සෞඛ්ය පරීක්ෂකවරු විසින් ඊයේ (26) අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.
බීම බෝතලයක අසාමාන්ය යමක් තිබෙනු දැක පාරිභෝගිකයෙකු විසින් මහජන සෞඛ්ය පරීක්ෂකවරු දැනුවත් කිරීමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාව කදී මෙම බීම බෝතල් තොගය හමු වී තිබේ.
ශ්රී ලංකාවේ ජනප්රිය බීම බෝතල් වර්ග ගබඩා කෙරෙන යාපනයේ පිහිටි තොග ගබඩාවකදී මෙම ක්රියාව සිදු කර ඇති අතර ගබඩා හිමිකරුට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට මහජන සෞඛ්ය පරීක්ෂකවරු පියවර ගෙන තිබේ.
