කස්සප හිමි ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට.

ජනාධිපතිවරයා විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද (8) පාර්ලිම්න්තු පිවිසුම  ඉදිරිපිට දී විරෝධතාවක නිරත විණි. ස්වාමින්වහන්සේලා පොල්දුව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීම නිසා   එයට පොලිසිය විරෝධතාව දැක්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වූ බව කියයි.

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කර සත්‍යග්‍රහයක් පැවැත්වීම හේතුවෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළුව කමන්ත තුෂාර නමැති අයෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

Exit mobile version