කළුතර පාසල් සිසුවිය රැදී සිටි ලැගුම්හලේ ප්‍රමිතිය සොයයි.

කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියට සම්බන්ධ ලැගුම්හල නියමිත ප්‍රමිතිය ට ඉදිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශණයක් ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

එම අධිකාරියේ සභාපතිවරයා ඊට අදාළ නියෝගය කළුතර දිස්ත්‍රික් කාර්යාලයට ලබා දී ඇති බවට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය සදහන් කර තිබේ.

යම් හෙයකින් එම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් තොරව සහ අනවසරයෙන් ඉදිකර ඇති බවට තහවුරු වුවහොත් එහි හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට එම අමාත්‍යාංශය සදහන් කර තිබේ.

Exit mobile version