කළුතර බෝධිය අසළ සොරකමක් .

කළුතර බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට පැමිණි පුද්ගලයෙකුගේ යතුරුපැදියක් තවත් පුද්ගලයෙකු විසින් සොරා ගෙන ඇති බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට සොරකම සිදු කළ පුද්ගලයා කළුතර බෝධියට වැද පසුව ඒ අසළ තිබූ යතුරුපැදිය තල්ලු කරගෙන ගිය ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබූ බවයි සදහන් කරයි.

සැකකරු 46 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කළුතර දකුණ පොලීසිය විසින් සැකකරුව අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.

Exit mobile version