.අද (7) උදෑසන කොළඹ සිට මහනුවර බලා පොඩි මැණිකේ දුම්රියෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පල්ලෙකැලේ දී පැවැත්වෙන වැඩසටහනකට සහභාගී වීම සදහා ගොස් ඇති බව වාර්තා වේ. අමාත්‍යවරයා සමග අර්ජුන රණතුංග මහතාද මෙම ගමන සදහා එක්ව ඇත.
ජනාධිපතිතුමන් විසින් රජයේ වියදම් අවම කිරීමට ලබාදුන් උපදෙස් අනුව ක්‍රියා කරමින් තම අමාත්‍යංශයේ ගමන් වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව තමා විසින් පොදු ප්‍රවාහන සේවාව භාවිතා කරන බව අමාත්‍යවරයා සදහන් කර ඇත.
