විදුලි බිල වැඩි කිරීම දැවැන්ත ජනතා නැගී සිටීමක ආරම්භයක් වියහැකි බව අප මීට පෙර පෙන්වා දී තිබේ. කෙසේ නමුත් එම බිල වැඩි කිරීම මේ වන විට සිදුකර තිබෙන අතර එයට එරෙහිව බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විදුලි පාරිභෝගිකයින් දෙදෙනෙක් මේ වන විට විරෝධතාවක යෙදී සිටින බව වාර්ථා වේ.
මෙම විදුලි බිල වැඩි කිරීම ගැන ජනතාව දැඩි පීඩාවට ලක්වන අතර එය ප්‍රධාන වශයෙන්ම බලපානුයේ පාසල් දරුවන්ටය. සාමාන්‍ය පවුලකටවත් මෙම විදුලිබිල දරාගත නොහැක්කේ බොහෝ දෙනෙකුගේ රැකියාද අහිමිව තිබෙන බැවිනි. කෙසේ නමුත් මෙසේ විරෝධතාවයේ යෙදී සිටින පුද්ගලයන් ප්‍රකාශ කරන්නේ ජනතාවට සහන දිය නොහැකි අමාත්‍යාවරයා ඉල්ලා අස්විය යුතු බවයි.
.
