කාංචන විජේසේකර ඇමති ධුරයෙන් ඉවතට?

දිගින් දිගටම ජනතාවට අවශ්‍ය ඉන්ධන නොලැබීම, දීර්ඝ කාලයක් විදුලිය නොමැතිව ජනතාව දුක් විඳීම පිලිබඳව වගකිව යුතු අමාත්‍යවරයා වන්නේ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාය.

ශ්‍රී ලංකාවේ මීලගට කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වත්මන් අමාත්‍යවරු කිහිප දෙනෙකුගේ විෂයයන් වෙනස් වනු ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

ඒ අනුව විදුලි බල හා බලශක්ති, වරාය හා නාවික කටයුතු, පරිසර යන අමාත්‍යාංශ මෙසේ වෙනස් වනු ඇත. ඒවා ලබා දෙනු ඇත්තේ විපක්ෂයේ සිට ආණ්ඩුවට සහාය ලබා දීමට එක්වන මන්ත්‍රීවරුන්ට බවද එම වාර්තාව සදහන් කරයි.

Exit mobile version