අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් හෙට පැවැත්වෙන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවය සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධියට අදාළව නිර්දෝෂී පුද්ගලයින් තවදුරටත් රැඳවුම් භාරයේ තබාගෙන සිටීමට වීරෝධය පළකිරිමට යි.
සිරිල් ගාමිණී පියතුමන් විසින් අද (03) පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් දක්වා ඇත.
