කාදිනල් හිමිගේ පෙත්සමට අධිකරණයෙන් දින

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි කාදිනල් හිමිපාණන් විසින් ගොනුකළ පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය විසින් දින නියම කල බවට වාර්තා වේ.

මෙම පෙත්සම අද (27) කැදවූ අවස්ථාවේදී ඊට අදාල ලේඛන ගොනු කරන ලෙස අධිකරණය පාර්ශවකරුවන්ට නියම කල අවස්ථාවේදී පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාලීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් පිරිසකට එරෙහිව පියවර ගන්නා ලෙස ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ නිකුත් කර ඇති බවයි. නමුත් ඒවා ක්‍රියාත්මක නොවීම නිසා ඒවා ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඉන් අනතුරුව සියලුම පාර්ශව ඉදිරිපත් කල කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාල පෙත්සමේ කරුණු තහවුරු කිරීම සදහා මැයි මස 09 වනදා කැදවන ලෙස නියෝග කර තිබේ.

Exit mobile version