කාන්තාවක් ලග තිබී හමු වූ ගජමුතු

පානදුර වලාන දුෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් දුර්ලභ ගනයේ ගජමුතු සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් බව පොලිසිය සදහන් කර තිබේ.

ඇය සන්තකයේ තිබී සොයාගන්නා ලද ගජමුතු එක ඉතා දුර්ලබ ගනයේ එකක් බවයි ඒ සම්බන්ධව ලබාගත් වර්තාවක සදහන්ව ඇත්තේ.

සැකකාරිය වයස අවුරුදු 52ක් වන අතර ඇය සඅන්තකයේ තිබී සොයාගත් ගජමුතුව ජාතික කෞතුකාගාරයට යවා පරික්ෂා කල බව පොලිසිය සදහන් කර තිබෙන අතර එයට පොලිසිය විසින් තක්සේරු වාර්තාවක්ද ලබාගැනීමට නියමිත බව වාර්තාවේ.

Exit mobile version