කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්.

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ .

එම නිවේදනයෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා තිබෙන බව වාර්තා වේ .

එමෙන්ම ඉහත මුහුද ආශ්‍රිත ගැඹුර පීඩන අවපාතය අද (03) වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 11.4° සහ නැගෙනහිර දේශාංශ 82.5° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිය කි.මී 325ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version