කාලෙ බෝතලෙත් නැතිවෙන ලකුණු

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ රජය විසින් මත්පැන් කාලේ බෝතල් තහනම් කරන ලෙසට ඉල්ලීමක් කර ඇති බවත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් ය.

වයස් කාණ්ඩ තුනක් යටතේ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ අධිකාරිය විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී ඊට සහභාගි වූ පුද්ගලයින්ගෙන්  72%ක් ප්‍රමාණයක් මත්පැන් කාලේ බෝතලය තහනම් කළ යුතු බවට මත පළකර ඇති බව එහි සභාපතිවරයා සඳහන් කර ඇත.

මෙම සමීක්ෂණය සඳහා සමස්ත සමාජයම නියෝජනය වන පරිදි විවිධ වයස් කාණ්ඩයන්ගේ මෙන්ම විවිධ අධ්‍යාපන මට්ටම්ද සලකා බලමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.

ඒ අනුව වයස අවුරුදු 17 – 30 දක්වා 40% ප්‍රමාණයක්, වයස 31 – 45 දක්වා 35% ප්‍රමාණයක් සහ වයස 45ට වැඩි 25% පිරිසකුත් මීට සහභාගී කර ඇත.

Exit mobile version