එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ දෙවන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම මුහුණ දෙන තරගයෙහි කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇති බව සදහන්.
අද දිනයේ කණ්ඩායම තුළ එක් වෙනස්කමක් සිදුව ඇති අතර එහි දී ඩිල්ෂාන් මධුසංඛ තරග වැදීමට නියමිත අතර කසුන් රාජිතට අද තරගය අහිමි වී ඇති බව සදහන්.
