කැන්වසින් යන අපේක්ෂකයන් හට ජනතා විරෝධය.

විවිධ දේශපාලන පක්ෂ වල මෙවර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් කැන්වසින් යන අපේක්ෂකයන් හට විවිධ ප්‍රදේශ වලින් ජනතා විරෝධය එල්ලවී ඇති බව වාර්තා වේ.

එලෙස ජනතා විරෝධය එල්ල වූ අවස්දුථාවක් දුර දිග ගොස් පිහි ඇනුමක් දක්වා දුර දිග යාමේ පුවතක්  මීගලෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.

වාර්තා වන ආකාරයට මීගලෑව ගණන්ගමුව උඩුනුවරගම ප්‍රදේශයේ පදිංචි අපේක්ෂකයකු එම ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ගෙන් ගෙට ගොස් සිදුකරමින් සිටිය දී එක් නිවැසියකු විසින්  ප්‍රචාරණ කටයුතු අවසන් කොට ආපසු යමින් සිටි අපේක්ෂකයා හට පිහියකින් පහර දී  ඇති බවයි සදහන් වන්නේ.

පහර කෑමෙන් තුවාල ලැබූ ජාතික ජන බල වේගයේ අපේක්ෂකයා ප්‍රතිකාර සදහා මීගලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට මාරු කර යවා ඇති බව මීගලෑව පොලිසිය සදහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පහර දුන් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධිය සම්මීබන්ගධයෙන් මීගලෑව පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරන බවත් වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (පෙබ. 2) ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබු බවයි වාර්තා වන්නේ.

Exit mobile version