කැබිනට් අනුකමිටුවක් පත් කෙරේ.

රටේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳව කඩිනමින් තීරණ ගැනීම සඳහා සාමාජිකයින් 05 දෙනෙකුගෙන් යුක්ත කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ජනාධිපතිවරයා, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද මෙම අනුකමිටුව සඳහා ඇතුළත් වේ.

මෙම තීරණය ගෙන ඇත්තේ වර්තමාන අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ගතයුතු ඉහළ ප්‍රමුඛතාවයන් හඳුනාගැනීමත් සමගය.

Exit mobile version