කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මේ වනවිට පත් කර තිබේ. මෙට සුළු මොහොතකට පෙර ඔවුන් දිවුරුම් දුන්නේය. ඒ අනුව නව කැබිනට් මණ්ඩලය මහතා දක්වා තිබේ.

  1. දිනේෂ් ගුණවර්ධන – අගමැති / රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
  2. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
  3. සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය
  4. බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
  5. කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය
  6. මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය සහ වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය
  7. විජේදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ අමාත්‍ය
  8. හරින් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය
  9. රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය
  10. ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය
  11. අලි සබ්‍රි – විදේශ කටයුතු අමාත්‍ය
  12. විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
  13. කංචන විජේසේකර – විදුලි බල හා බලශක්ති අමාත්‍ය
  14. නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
  15. රොෂාන් රණසිංහ – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය
  16. මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
  17. ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
  18. නලින් ප්‍රනාන්දු – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
Exit mobile version