ඉදිරි සතියේ කැබිනෙට් මණ්ඩලය සංශෝධනයක් සිදුවීමට ඉඩ ඇති අතර ප්‍රධාන අමාත්‍යංශ කිහිපයක මෙසේ වෙනස් කම් ඇතිවීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.
එම වෙනස්කම් අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නි ආරචිචි ඉවත් කර ඒ වෙනුවට වෛද්‍ය රමේෂ් පතිරණ පත් කිරීමට ඉඩ ඇති බවද , අධ්‍යාපනය, ජනමාධ්‍ය සහ විදේශ කටයුතු යන අමාත්‍යංශ මෙසේ වෙනස් විය හැකි බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
දැනට අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කරන ජි එල් පිරිස් මහතා විදේශ කටයුතු ඇමති විය හැකි බවද වැඩි දුරටත් සදහන් වෙයි.
