ඊයේ (19) දින කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් කැලණි සරසවියේ භික්ෂූන් වහන්සේලා ඇතුළු 6 දෙනා අද (20) දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවේ සිටින ශිෂ්‍ය සංවිධානයේ කැදවුම්රු කැලුම් මුදන්නායක ශිෂ්‍ය ක්‍රියාකාරී දිල්ෂාන් හර්ෂණ යන දෙදෙනා දින 50 ක් ගත වුවද තවමත් ඔහුනට සාධාරණයක් වී නොතිබීම හා ඔහුන් නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ දින විරෝධතාවයේ යෙදී සිටියදී ඔහුන් 6දෙනා අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.
