පොලීසිය විසින් කරණ ලද වැටලීමකදී කැස්බෑ බිත්තර ලග තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් අනුව වන අතර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ලග තිබී කැස්බෑ බිත්තර 30 ක් පොලීසිය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක් වන පුද්ගලයෙකු බව පොලිසිය සදහන් කරයි.
අද (13) දින සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
