කල්මුණේ – චවලකඩේ ප්‍රදේශයේ කලපුවේදී කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඩැහැගෙන තිබෙන බව වාර්තා වේ.
අදාළ පුද්ගලයා සිය ගව පට්ටිය රැගෙන ඒම සඳහා කළපුව අසලින් යමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ගවහන් රැගෙන එමින් සිටියදී ගවයන් කිහිප දෙනෙකු කලපුවට පැන ඇති අතර මෙම පුද්ගලයා ගවයන් ගොඩ ගැනීම සඳහා කලපුව වෙත බැස ඇති අතර එහිදී කිඹුලෙකු විසින් මොහුව ඩැහැගෙන තිබේ.
