කිරිපිටි කිලෝවක මිල රුපියල් 600කින් ඉහල දැමීමට ඉල්ලීම්!

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වාර්තා වේ.

ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල ඉහළයාම හා ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා විය.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 600කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 240කින් ඉහළ දෑමීමට යෝජනා වී ඇති බව සඳහන් වේ.

එම මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම්දී ඇති බවට ද වාර්තා වේ.

කෙසේවෙතත් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන තීරණය අද (19) පස්වරුව වන විට ප්‍රකාශය කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

Exit mobile version