කිරුළපන ප්‍රදේශයේ කිරුළපන මාවත පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී වෙඩිතැබීමක් සිදුවී තිබෙන බව වාර්තා වේ .
කිරුළපන පොලීසිය සඳහන් කරන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අහසට වෙඩිතබා පළාගොස් ඇති බවයි.
පිස්තෝල ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇති අතර හිස් පතොරම් කොපු 03ක් එම ස්ථානයේ වැටී තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති බව සදහන් .
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය වැඩි දුර පරීක්ෂණ සිදුකරනු ලබයි .
