කුකුළු මස් මිලත් පහළට.

ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව සඳහන් කර ඇත.

ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රු.1080ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බවයි එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ.

එළඹෙන උත්සව සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගන්නා බවයි සුජීව ධම්මික මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බිත්තර මිල ද යම් ප්‍රමාණයකින් පහත දැමීමට කටයුතු කරන බව එම සංගමය පෙන්වා දී ඇත.

Exit mobile version