කුකුළු මස් මිලේ වෙනසක්.

වෙළෙඳපොළේ කුකුළු මස් මිල ගණන් යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

මේ වන විට කුකුළු මස් ඉල්ලුමද සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

කුකුළු මස් සඳහා නිසි පාලන මිලක් නොමැති වීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් වෙළදපොළේ කුකුළු මස් මිල ගණන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

මීට පෙර ඉතා අඩු මිලකට පැවැතියද මෑත කාලීනව කුකුළු මස් මිල ගණන් රුපියල් 1500, 1600 වැනි අධික මිල ගණන් යටතේ අලෙවි විය.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් කුකුළු මස් මිලදී නොගැනීම සහ වෙළෙඳපොලට වැඩි වශයෙන් කුකුළු මස් සැපයුම ලැබීම හේතුවෙන් මේ වන විට ශීත නොකළ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 850-950ත් දක්වා අඩු වී ඇති බවට ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කර තිබේ.

Exit mobile version