කුකුළු මස් මිල පහළට.

කුකුළු මස් මිල රුපියල් 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකඟතාව පළකර තිබෙන බව වාර්තා වේ .

කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1150කි.

Exit mobile version