කුඩම්මාගේ පහර කෑමට ලක් වූ දැරිය රෝහලේ.

රාගම ප්‍රදේශයේදී 17 හැවිරිදි දැරියකට කාන්තාවක් විසින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ රාගම පොලීසිය පහර කෑමට ලක් වූ දැරිය රාගම රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර ඇය පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මෙසේ මෙම දැරියට පහර දී ඇත්තේ ඇගේ කුඩම්මා බව කියයි. දැරියගේ මව මිය ගොස් ඇති බව සදහන් .

පොලීසිය ප්‍රකාශ කරනු ලැබුවේ දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ කාන්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Exit mobile version